මගී ප්රවාහන පෞද්ගලික බස් රථයක් වල් අලියකුගේ ගැටීමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇතිබව ඉපලෝගම පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනය අසලදී අද උදැසනදී බව වාර්තාවේ. මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කැකිරාව සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ මගී ප්රවාහන බස් රථයකි .
පොලිසිය සඳහන් කළේ ධාවනය වෙමින් තිබූ එම බස්රථය මහඉලුප්පල්ලම ප්රදේශයේදී මාර්ගය හරහා එක්වරම පාර මාරුවීමට ගිය වල් අලියකුගේ ගැටී ඇති අතර වන අලියාගේ ගැටුනු බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදු වූ අවස්ථාවේ එම බස් රථය තුළ මගීන් 25ක් පමණ ගමන් කර ඇති අතර
තුවාල ලැබූ පිරිස අතර එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද සිටින බව පොලිසිය පවසනවා.
තුවාල කරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව අනුරාධපුර රෝහල පවසයි .