ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4% කින් බස් ගාස්තුව වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) එකඟ වී ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
නමුත් අවම බස් ගාස්තුව වෙනසක් නොවන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.
එමෙන්ම අවසාන තීරණය සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ.