බස් කොන්දොස්තරලාගේ මාටියා ගැහිල්ලට ඇමති බිමල් තිත තියයි

බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පහසුකම ටිකට් පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල 2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත .

ඒ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය.

“බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක් තමයි ඒක . බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදර වැඩක්, ඒක පරණ වැඩක්.

අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් යන්ත්‍ර තියෙන බස් එකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිත කරන්න පුළුවන් බැංකු කාඩ්පතක් භාවිත කරලා ටිකට්ක ගන්න.”