බස් එකේ ගොස් දේශපාලනය කරනා බව කීවේ නෑ.

බස් රථයේ කෝච්චියේ බයිසිකලයේ ගොස් දේශපාලනය කරන බවක් හෝ ජනතාවට නොමැති කිසිම දෙයක් තමන්ට එපා යැයි හෝ තමන් කිසිදා ප්‍රකාශ නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

එවැනි කිසිදු සඳහනක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්නම් පෙන්වන්නැයි ඔහු අභියෝග කරයි.

ඔහු පෙන්වා දෙන්නේ බසයේ කෝච්චියේ ගොස් දේශපාලනය කළ හැකි රටක් පසුගිය 76 වසරක් තිස්සේ රට පාලනය කළ පාලකයන් ගොඩනගා නැති බවයි.

දුම්රිය බස් වෙලාවට ගමන් කරන රටක් ගොඩනඟා තිබිණි නම් ඒවා භාවිත කරමින් දේශපාලන කටයුතු කළ හැකිව තිබූ බව ද ඔහු පැවසීය.

රජයේ වාහන ඉතාම පැරණි අබලන් වාහන බැවින් අලුතින් වාහන මිලදී ගැනීමට රජයට සිදුව ඇතිබව ඔහු වැඩි දුරටත් පැවසීය .

ඒ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එක් වෙමිනි.