බස්නාහිර ආණ්ඩුකාරයාට තවත් තනතුරක්

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

ගෝලීය ආයෝජන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ඔහු සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක් වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගනිමින් රජයේ ආර්ථික පුර්නර්ජීවනය සඳහා වන වැඩපිළිවෙළට දායක වීමට ඔහුට ඇති හැකියාව අගයමින් මෙම පත්වීම සිදු කර තිබේ.