බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවුන ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට නොතිසි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර විනිසුරුවරයෙක්වන කුමාර ධර්මසේන සහ බින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 12 දෙනකුට ඔක්තෝබර් 12 වෙනි දින අධිකරණය හමුවේ මෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත .

වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු නාරාහෙන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් පිළිබඳව සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය කර ඇත.

නාරහෙන්පිට පොලිසියටද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *