බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ සම්බන්ධයෙන් ඊයේපැවති මාධ්‍ය හමුවක්දී අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය .
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමි. ඔහු පැවසූවේ බලශක්ති ඇමතිවරයා සම්බන්ධ සිදුවීම පිළිබඳව තවමත් අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටින බවය . වැඩි දුරටත් අදහස් පලකරමින් ඔහු මෙසේ පැවසීය .
‘ඇත්තටම මේ වෙනකොට තත්වෙ තමයි කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ. මොකද ඔවුන් ලීගල් රෙප්‍රසන්ටේෂන් එකක් ඉල්ලල තියෙනව. ඒක සම්බන්ධයෙන් තවමත් කටයුතු කරමින් ඉන්නව. ඒක දාන්නත් පුළුවන් නොදන්නත් පුලුවන්. මොකද මම දන්නේ නෑ ඒක කොමිෂන් සභාවේ තීරණය. කොමිෂන් සභාව තීරණය කළොත් මම නඩු දානවා’ යයි ඔහු සඳහන් කළේය.