බන්ධනාගාර ගතකළ රුසියානු විපක්ෂ නායකයා හදිසියේ මිය යයි.

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි දිගු සිරදඬුවම් විඳිමින් සිටි ආක්ටික් කවයට උතුරින් පිහිටි බන්ධනාගාරයකදී සිහිසුන්ව ඇද වැටීමෙන් අනතුරුව මිය ගිය බව රුසියානු බන්ධනාගාර සේවය පවසයි.

මෙතෙක් රුසියාවේ වඩාත්ම ප්‍රසිද්ධ විපක්ෂ නායක නවාල්නි, දශකයකට වැඩි කාලයකට පෙර ප්‍රසිද්ධියට පත් වූයේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ බලයට සෘජුවම අභියෝග කළ පුද්ගලයා ලෙසිනි.

Yamalo-Nenets Autonomous දිස්ත්‍රික්කයේ ෆෙඩරල් බන්ධනාගාරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මොස්කව් සිට ඊසාන දෙසින් කිලෝමීටර් 1,900 ක් (සැතපුම් 1,200) පමණ දුරින් ඛාප් හි IK-3 ජනපදයේ ඇවිදීමින් සිටියදී නවාල්නි රෝගාතුරව ඇද වැටුන බවය.

“ආයතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වහාම පැමිණි අතර ගිලන් රථ කණ්ඩායමක් කැඳවන ලදී, අවශ්‍ය සියළු ප්‍රතිකාර කඩිනමින් ලබදුනද ඔහු මියගියේය” බන්ධනාගාර සේවය පැවසීය.

වසදීමේ සිධියක් නිසා දිගුකලක් ජර්මනියේ ප්‍රතිකාර ලබූ නල්වානී 2021 ස්වෙච්චාවෙන් රුසියාවට පැමිණියේය