බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා. ගොඩකන්ද ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණ බව වාර්තාවේ .
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ උප සභාපතිවරයා සිය බිරිඳ සමග නිවස බලා යමින් සිටි බව වාර්තා වේ.
ප්‍රහාරයට ලක්වූ සමන් සී ලියනගේ මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි .