ශීත ඍතුව වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම ගුවන් යානය ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට අයත් 3 Z- 7648 දරන බෝයිං – 737 වර්ගයයේ මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එම යානයේ ගුවන් මගීන් 180 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ සිටියහ.
මින් පසුව මෙම පෝලන්ත ස්මාර්ට් වින්ග්ස් ගුවන් යානා සාම සතියකම අඟහරුවාදා පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය. මෙම සේවාව ශීත ඍතුව නිමවන තෙක්, 2026 වසරේ මාර්තු මස 15 දින තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.