ඊයේ රැස්වූ මුදල් මණ්ඩළය විසින් ගන්නා ලද තීරණයකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය තව දුරටත් පහත හෙළා ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 11ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා පදනම් අංක 200කින් අඩු වේ.
මෙම පොළී අඩු කිරීමේ වාසිය ගණුදෙනුකරුවන්ට නොපමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියළුම වාණිජ බැංකුවලින් ඉල්ලා සිටී.