එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් අද (04) සිට දින තුනක කාලයක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම කාලය තුළ සුරාසැල් වසා තැබීම නියාමනය කිරීම සදහා නිලධාරීන් යොදවා ඇති බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පැවසීය.