වත්මන් ආණ්ඩුවේද යම් ගැටලු තිබෙන නමුත් නැවත තුනෙන් දෙකක බලයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් ගොඩනැඟීම වෙනුවෙන් ගම් මට්ටමෙන් සංවිධාන කටයුතු අරඹා ඇතැයි අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් මෙසේය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අභියෝග භාරගත් පක්ෂයක්. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිබ්‍රිට් බීජයක් විධියටමයි. ඒකයි ඇත්ත කතාව. එදා බණ්ඩාරනායක මහත්තයා මැද මාවතේ පක්ෂයක් පටන් ගත්තා. එහෙමයි නිදහස් පක්ෂය හැදෙන්නේ. එයින් පස්සේ ශ්‍රී ලනිප නායකයා විධියට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරනවා. එතුමා මේ රටේ ජනාධිපති වෙනවා. එතුමා මේ රටේ යුද්ධය අවසාන කරලා රට දැවැන්ත සංවර්ධන මාවතකට අරගෙන යනවා.”