පොසොන් උත්සවය සමගාමීව හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට (02) සිට ලබන 05 වැනි දා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි.

මේ අතර හෙට (02) සිට අනුරාධපුර සහ කොළඹ අතර විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

ජාතික පොසොන් සතිය ඊයේ (31) ආරම්භ වූ අතර එය ජූනි 06 වැනි දා දක්වා ක්‍රියාත්මක වේ.

මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ, මිහින්තලය, අනුරාධපුරය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *