පොලිසිය ඉවත්කළ බුදු පිළිමය පොලිසියම නැවත ගෙන එයි .

ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධි රාජ විහාරයට ඇතුළුවී පොලිසිය විසින් රැගෙන ගිය එහි බුද්ධ ප්‍රතිමාව අද පොලිසිය විසින්ම නැවත පන්සල වෙත වැඩම කරවූ බව අප වාර්තාකරුවෝ පවසති .

ඊයේ පොලිසිය විසින් බුදු පිළිමය ඉවත් කිරීමට යාමේදී එහි උණුසුම් තත්ත්වයක් ඇති විය . එහිදී තුවාල ලත් හිමිවරුන් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති අතර ඊට අදාල විඩියෝ පටයක් සමාජ මාධ්‍යන් ඔස්සේ සංසරණය වීමත් සමගම සමාජයේ පුළුල් අවධානයක් එම සිද්ධියට යොමු විය .

ඒ අනුව අද පොලිසිය පරිපාලන අංශ සහ මහාසංඝයා අතර ඇති වු සාකච්ජාවකින් අනතුරුව පූජා භූමි ඔප්පුවට අදාල මෙතෙක් නිශ්චිතව වෙන් නොවුන පර්චස් හතලිහක ඉඩම මැන සලකුණු කර වෙන් කිරීමට එහිදී එකඟතාවය පලකරනා ලදි . එමෙන්ම එම සැලැස්ම අනුමත කර දීමටත්, ඒ කාර්ය සිදුවන තුරු කිසිම ඉදිකිරීමත් ඉවත් නොකිරීමටත් දේශපාලන අධිකාරිය භික්ෂූන්වහන්සේලා වෙත සහතික වී තිබේ.

අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමෙන්තුවේදී අද අදහස් දක්වමින් පැවසූවේ බුදු පිළිමයේ ආරක්ෂාව තකා එය ඉවත් කිරීමට කටයුතු කළ බවයි.