මහනුවර තලාතුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ලොරි රියදුරකුට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12(1) වගන්ති යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
පොලිස් ප්රචණ්ඩත්වය හෙළා දකිමින් සිය නොබෙදුන තීන්දුව ප්‍රකාශයට පත්කරනා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පොලිස් කෲරත්වය පිළිබඳ පද්ධතිමය ගැටලුව කඩිනමින් විසඳීමට රජයට කාලය පැමිණ සඳහන් කරයි .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12(1) වගන්ති යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ අයිතිවාසිකම් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද පහරදීම්, වධහිංසා පැමිණවීම් සහ අමානුෂික සැළකීම් මගින් උල්ලංඝනය කර ඇති බව තීන්දුවේ සඳහන් කර ඇත.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ 46 හැවිරිදි ලොරි රථ රියදුරකු විසිනි. ඔහු රණවීර නම් පොලිස් නිලධාරියකුට අයත් ටිපර් රථයකින් මහියංගනයේ සිට වැලි ප්‍රවාහනය කිරීම සඳහා ඔහු යොදවා සිට ඇත.
2019 පෙබරවාරි 26 වැනිදා, එම වාහනයේ බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා එල්ල වී ඇත . එම සිදුවීමෙන් පසු පෙත්සම්කරු ටිපර් රථයේ හිමිකරු රණවීර නම් පොලිස් නිළධාරියාට පවසා ඇත්තේ නීත්‍යනුකූලව අවශ්‍ය බලපත්‍රයක් නොමැතිව තවදුරටත් වැලි ප්‍රවාහනය නොකරන බවයි.
ෛන් කෝපයට පත් පොලිස් නිළධාරී රණවීර පෙත්සම්කරු ලොරියේ නිදාසිටිනා අවස්ථාවක තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙක් සමගවිත් තමාට අමානුෂික ලෙස පහර දුන් බව සිය පෙත්සමේ සඳහන් කර ඇත .
අනතුරුව තමා පොලිස් ජීප් රියකට දමාගත් බවත්, රැගෙනා යන තැන තමාට හෝ පවුල්ලේ කිසිවෙකුටත් නොකියා රැගෙන ගිය බවත්. ඔහු පවසයි. ඒ අතර තුර තමාට අඛණ්ඩව පහර දුන් බවත් ඔහු සඳහන් කරයි . මෙම සිදුවීම 2019 අප්‍රේල් මස පළවෙනිදා හෝ ඊට ආසන්න දිනයක සිදුව ඇත .
මහධිකරණ විනිසුරු අර්ජුන් ඔබේසේකර සිය තීන්දුවේ මෙසේ සඳහන් කර ඇත
“මෙම අධිකරණය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ කුමන ස්වරූපයෙන් සහ කුමන මට්ටමකින් වුවද පොලිස් කෲරත්වය නතර කළ යුතු බවයි. අවාසනාවකට මෙන්, මෙම අධිකරණය විසින් ප්‍රකාශ කරන ලද තීන්දු පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම යන දෙපාර්ශ්වයේම සවනට ගිහින් නැහැ. එමනිසා රජය මැදිහත් වී, පොලිස් කෲරත්වයට හේතු පරීක්ෂා කර පියවර ගැනීමට කාලය පැමිණ තිබෙනවා,”
විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් ලබා දුන් තීන්දුවට එකඟ වෙමින්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම තීන්දුව ලබා දී තිබිණි.