පොලිස් හැඳුනුම්පතකින් අයිස් විකුණූ රියැදුරු කොටු වෙයි

පොලිස් කොස්තාපල්වරයකුගේ නිල හැඳුනුම්පතක් භාවිත කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ත්‍රීරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් තිබුණු බව පොලිසිය සඳහන් කරනවා.

පෙරේදා (25) මත්තේගොඩ ප්‍රදේශයේ දී පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට ත්‍රීරෝද රථය නවතා පරික්ෂා කිරීමේ දී සැකකරු, ඔහු පොලිස් නිලධාරියකු බවට පවසමින් පොලිස් හැඳුනුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

එම හැඳුනුම්පත මීට වසර 5කට පෙර විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල් රියැදුරකුගේ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම හැඳුනුම්පත සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු එය මාර්ගයේ වැටී තිබී සොයාගත් බවට පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වික්‍රමසිංහපුර, ඌරාපොළ පදිංචි ත්‍රී රෝද රථ රියැදුරකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්තේගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා