පොලිස්පති විශ්‍රාම යයි. වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්..?

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද (25) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය. ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට සේවා දිගුවක් ලබාදී තිබිම විශේෂත්වයක් විය.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී තම විශ්‍රාම යාම දන්වා ඇති බව පොලිස් මූලස්ථාන මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.