සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙක් ඇය නිරුවත්කර අතරවර කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට සමනළ වැව පොලිසිය සමත්ව ඇත.
සිද්ධියට මුහුණ දී ඇත්තේ 18 හැවිරිදි තරුණියක් වන අතර ඈය සිය පෙම්වතා සමඟ සමනලවැව නරඹන්නට පැමිණි අවස්තාවේ යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙකු පෙම්වතා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි චෝදනා කරමින් පෙම්වතාගේ සාක්කු සහ මුදල් පසුම්බිය ආදිය පරීක්ෂාවට ලක්කර ඇත.
අනතුරුව පෙම්වතාගේ එක් අතකට මාංචු දමා මාංචුවේ අතින් කොටස යතුරුපැදියේ හැඩලයට සම්බන්ධකළ ඔහු තරුණියව බලහත්කාරයෙන් කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. එම අවස්ථාවේ එහි පැමිණි පුද්ගලයෙකු මේ පිළිබඳ සමනලවැව පොලීසියට දැනුම් දී තිබේ. පොලිස් නිළධාරින් වනරොදට ඇතුළු වන විටත් කොස්තාපල්වරයා තරුණිය නිරුවත් කර සිටි බව ද වාර්තා වේ.
පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මොනරාගල කොට්ඨාසයේ හම්බෙගමුව පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටිනා බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇති බව පොලීසිස් ආරංචිමාර්ග පවසයි.