පූනාගල නිරීක්ෂණයට ගොඩනැගිලි හා පර්යේෂණ නිලධාරීන් යයි.

පුනාගල නායයෑමට ලක් වූ භූමි ප්‍රදේශය නිරීක්ෂණය සඳහා අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන් ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග රාත්‍රී 8 පමණ වනවිට විශාල ජල පහරක් සමග සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාසවලට හා වෙළෙඳසැලකට දැඩි හානි සිදුව තිබේන බව වාර්තා වේ.

එම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *