පුරාවිද්‍යා නාමපුවරු ගැලවූ සැකකරුවෙක් අත් අඩංගුවට .

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි . එමෙන්ම වාලච්චේන පොලීසිය සැකකරුවන් විසින් ගැලවූ නාමපුවරුද සොයාගෙන ඇති බවද වාර්තා වෙයි.

සිද්ධියට සෘජුව සම්බන්ධවූ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන සිදුකරමින් සිටී .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුනු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම ඉකුත් නොවැම්බර් 3 වනදා ආරම්භ කල අතර ඊට දින කිහිපයකට පසු ප්‍රාදේශීය සභාවක බලධාරීන් විසින් මෙම පුවරු ඉවත්කර ඇත . එම පුවරු ගලවා කසල ඉවත් කරනා ට්‍රැක්ටරයකට පටවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය විය .