පිටිගල – ගුරුවල ප්රදේශයේදී අද රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇත. මෙම වෙඩිප්රකාරයට ලක්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙළඳසැලක් ආසන්නයේදී ටී56 අවියක් භාවිතයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. තුවක්කුකරු පලාගොස් ඇත .
එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තුවාල ලැබූ පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවක් රෝහල ගත කර තිබේ. මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරයි.