පැරදුන සමූපකාරවල බලය දෙන්නට ජා.ජ.බ කණ්ඩායම් බෑ කියති

ජාතික ජනබලවේගයට හිතවත් කණ්ඩායමක් පාලනය බලය දැරූ ලද සීමා සහිත කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වෙනස් වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ .

පරාජයට පත් ජාතික ජනබලවේගයේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් එම පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි. සමිතියේ පාලන බලය දූෂිත පාර්ශ්වයක් වෙත නතු කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ පිරිස් චෝදනා කර සිටියේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් ව්‍යාජ ලෙස ඡන්ද ලේඛන සකස් කර අක්‍රමවත් ලෙස මෙම ජයග්‍රහණය ලබාගෙන ඇති බවයි.

විරෝධතාවයේ නිරත වූවෝ පැවති නිළවරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් සමුපකාර කොමසාරිස්වරයා වෙත සංදේශයක්ද ඉදිරිපත්කර ඇත.