පාසල් අතර පවත්වනු ලබන මහා ක්‍රිකට් තරඟාවලි සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර ඇත .
පාසල් මහා ක්‍රිකට් තරග සමයේ ඊට සහභාගීවන පාසල් ළමුන් , ආදී ශිෂ්‍යන් සහ නර්ඹන්නන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමුකරනා මෙන් පොලිසිය එම නිවේදනයෙන් ඉල්ලා සිටී .
ඒ අනුව මහා ක්‍රිකට් තරග පැවැත්වෙන කාලසීමාව තුළ පාසල් ළමුන් සහ දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණු කිහිපයක් පොලීසිය විසින් මෙලෙස සඳහන් කර තිබෙනවා.
- පාසලේ ගෞරවය රැකෙන පරිදි පොදු ස්ථානවල හැසිරීම.
- පාරිභෝගිකයින්ට හෝ මහජනයාට පීඩාවක් වන පරිදි කෑකෝ ගැසීම සහ මාර්ග අවහිර කිරීමෙන් වැළකී සිටීම.
*වෙනත් පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර නොගැනීම.
- ලොරි, ට්‍රක් රථ හෝ වාහනවල අනතුරුදායක ලෙස ගමන් නොකිරීමට වගබලා ගැනීම.
*බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර එවැන්නන්ට ශ්‍රී ලංකා පොලීසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.
*රථ පෙළපාලි (Truck Parades) යාමේදී පොලීසියෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
- තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් බව.
- දුම්වැටි සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරමි.
*ප්‍රතිවිරුද්ධ පාසල්වල සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම, ඔවුන්ට අපහාස කිරීම හෝ සමාජ මාධ්‍ය (Social Media) හරහා වෛරී සහගත ප්‍රකාශ පැතිරවීම සිදුනොකළ යුතු බව.
මේ අතර, බිග් මැච් පැවැත්වෙන කාලසීමාවේ දී ඒ සඳහා සහභාගී වෙන පාසල් දරුවන්ගේ දෙමාපියන් වෙතද පොලීසිය මඟින් කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.
එනම්,
- තම දරුවන් සහභාගී වන උත්සව සහ ඔවුන් ගැවසෙන ස්ථාන පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම.
- නියමිත වේලාවට දරුවන් නිවසට පැමිණෙන්නේදැයි විමසිල්ලෙන් සිටීම.
*රථපෙළපාලි වැනි ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට වාහන ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.
මෙවැනි පාසල් ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගි වන දරුවන්, ආදි සිසුන් සහ දෙමාපියන් විසින් අනීතිකව හැසිරෙමින් පොදු දේපළවලට හානි කිරීම වැනි සාමය කඩකිරීම්, සිදුකරන අවස්ථාවන් නිරීක්ෂණය හෝ අනාවරණය වුවහොත් එවැනි අවස්ථාවන්වලදී පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කර බවද අදාළ නිවේදනය මඟින් අවධාරණය කර සිටී .