නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති .
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, මීරිගම, කීණදෙනිය ප්‍රදේශයේ අලුත්වැඩියා කළ ස්ටෙෆන් මුණිඳුන්ගේ දේවස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ පැවසූහ.
”දැන් කුඩා දරුවන්ට හයවෙනි වසරේ සිට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා අලුත් පාඨමාලාවක් හදාගෙන යනවලු. පන්තිභාර ගුරුවරුන් මේ සඳහා සූදානම් කරන්න යනවලු. සම්මේලන පවත්වන්න යනවලු. මේක අධ්‍යාපනයද . මොනවද මේ. දෙමව්පියන්ට නේද ඒ වගකීම තියෙන්නේ. දරුවන්ට ඒ වගේ දේවල් ගැන අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. දරුවන්ට වැඩිමල් වියට යන කොට යම් යම් දේවල් කියාදීමේ ක්‍රමවේදය මොකක්ද කියලා දෙමව්පියන්ව දැනුවත් කරන්න. මේවා අතර විශේෂයෙන්ම ඔය සමලිංගික සම්බන්ධතා ඇතිකර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට යනවලු. උත්පත්ති පාලනය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න යනවලු. මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ අපේ රට විනාශ කරන්නට අර අදින ජාත්‍යන්තර සංවිධාන. ඒවා අතර විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය.UNFPA කියන එක. ඒගොල්ලෝ මේ ආණ්ඩුවට සල්ලි දීලා අධ්‍යාපන අමාත්‍යංශය සල්ලි දීලා ඒ සඳහා අවශ්‍ය පොත්පත් මුද්‍රණය කරලා මේ දරුවන්ව නොමඟ යවන වැඩපිළිවෙලක් අද ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ”