පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ඇතුළු වගඋත්තරකරුවන් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
පසුගිය ජනවාරි 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස මෙම වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලදී.
පසුව මෝසමක් ගොනු කරමින් පෙත්සම් කරුවකරුවන් කිහිපදෙනෙකු කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් අදාළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බැවින් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙසයි.
එම පෙත්සම ද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ.