පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් බිතාන්‍යයේ රැකවරණ පතයි.

2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් පසු බ්‍රිතාන්‍යට සංක්‍රමණය වී ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු, තමාට එල්ලව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකා පොලීසිය ඔහුව සොයා නිවසට ගොස් ඇති බැවින් නැවතත් මව් රටට යාමට සිදුවුවහොත් හිංසාවට සහ පීඩාවලට ලක්විය හැකි බව එම පුද්ගලයා එරට බලධාරීන්ට පවසා ඇත.

විදෙස් මාධ්‍ය මෙම සැකකරුව නිර්නාමිකව හඳුන්වා දී ඇති අතර ඔහු සමග ඔහුගේ බිරිඳ ද සරණාගත භාවය ඉල්ලුම් කර ඇති බව සඳහන් වනවා.

එම ඉල්ලීම් පළමුවෙන් එරට ස්වදේශ කටයුතු කාර්යාලය “Home Office” විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, සැකකරු නැවතත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මේ වන විට එම නඩුව නැවතත් විභාගයට ගෙන ඇති බවට වාර්තා වනවා.

2019 වසරේ පාස්කු ඉරිදා සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් 269 දෙනෙකු මිය අතර ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ද විය .