පාස්කු ප්‍රහාරයේ රහස හෙළිකරනා වීඩීයෝව යළි සංස්කරණය කළේ ඇයි

ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන පසුගිය මස 15 වනදා චැනල් 4 ආයතනය විසින් විකාශණය කිටීමට නියමිතව තිබූ වීඩියෝව නැවත සංස්කරණය කිරීමෙන් අනතුරුව හෙට විකාශණය කිටීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු 15 වෙන්දා විකාශණය කිටීමට නියමිතව තිබූ වැඩසටහනේ රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු අඩංගු බව වාර්තාවේ .
ඒ අනුව ඔහු චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරු මාර්ගයෙන් කළ දැනුම්දීමක් අනුව අදාළ වීඩියෝ විකාෂණය කිරීම අත් හිටවා එය නැවත සංස්කරණය කරනලද බව වාර්තාවේ.

තම නම යොදාගනිමින් අදාල වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන අතර පාස්කු ප‍්‍රහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකරන බව ද තහවුරු කෙරුණු ලේඛන ද සහිතව සුරේෂ් සලේ විසින් දැනුම් දී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *