සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණීය තර්ජන එල්ල වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ අනුව වහා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝජ්‍ය කථානායකවරයාගෙන් විපක්ෂ නායකයා ඉල්ලා සිටියේය .
ජගත් විතාන මන්ත්‍රීවරයාද මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, තම ජීවිතයට තර්ජනයක් ඇති බවට පොලිස්පතිවරයා විසින්ම නිකුත් කරන ලද රහස්‍ය වාර්තාවක් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබී ඇති බවත් තමා එය සභාගත කළ බවත් පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, තමා නිවසින් පිටතට පැමිණ වාහනයෙන් පිටත්වන අවස්ථාවකදී ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට එම රහස්‍ය වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර තිබෙන බවයි. එබැවින් තමන්ගේ ආරක්ෂාව සලසා දෙන ලෙස ඔහු නියෝජ්‍ය කථානායකවරයාගෙන් දැඩි ඉල්ලීමක් කළේය.