පාර්ලිමේන්තුව ඉල්ලා අස්වෙන්න කීවොත් කරන දේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෙළිකරයි

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පරිපාලනයට ඉල්ලා අස්විය යුතු බවට අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය පිළිබඳ අදහස් දක්වමින් එම ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න කියා සිටියේ ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහොත් තමන් ඒ පිළිබඳ නීති උපදෙස් ලබා ගන්නා බවයි.

ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනයේ කාරීත්වය අත් හිටවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් සඳුදා ගැසට් නිවේදනයක් නිකුත් කරනා ලදි. අනතුරුව ක්‍රිකට් පරිපාලනය උදෙසා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කරන ලද අතර ඊට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අභියාචනා අධිකරණයා හමුවේ පෙත්සමක් ගොනුකරනා ලදි. එම පෙත්සම විභාග කරනා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ක්‍රියා කාටීත්වය අත් හිටවමින් අභියාචනා අධිකටණය නියෝගයක් නිකුත් කරනා ලදි.

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ හතරක් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බවත්, රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යාලවලින් පිටව යන විට එම වියදම් සඳහා ලියා තිබූ චෙක්පත් සඳහා සාවධ්‍ය ප්‍රචාරයක් ලබාදී ඇති බවත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පැවසීය.

“දිනකට මෙහෙට ආපු අර්ජුන රණතුංග ඒ චෙක්පත් සේරම අරගෙන මේකට ලොකු ප්‍රචාරයක් දීලා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අයින් වෙද්දි අනවසර හේතූන් මත කෝටි ගණන් චෙක්පත් ඇදලා තියෙනවා කියලා, මේක වංචාවක් විදියට පෙන්නන්න හදනවා. අපි මේ චෙක්පත් ඇඳලා තියෙන්නේ ක්‍රීඩාංගණ සංවර්ධනය වෙනුවෙන් ” ඔහු පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *