පානදුර මුහුදට ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් නැංගුරම් ලා ඇතිබවත්, එහි සිටිනා පුද්ගලයන් ගලවා ගැනීම සඳහා හැකි උපරිම ආකාරයෙන් උත්සාහ කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සහතික කර සිටී පවසයි .
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරන රජය තහ්වුරු කර ඇත්තේ තමන්ගේ තවත් නෞකාවක් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇති බවයි . ඉරාන නෞකාවකට ඊයේ එල්ලවූ ටොපිඩෝ ප්‍රහාරයෙන් පසු මෙම නෞකාව ආරක්ෂාව තකා ශ්‍රි ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා ගත්තේද යන්න පිළිබඳ සැකයක් ඇතිබව නාවික ආරංචි මාර්ග පවසයි .
කෙසේ වෙතත් මෙම නෞකාව ශ්‍රී ලංකාවේ වරායකට පැමිනෙන්නට උත්සහ කළහොත් ශ්‍රී ලංකාව කුමන පියවරක් ගතයුතුද යන්න දේශපාලන ක්ෂේස්ත්‍රයේ සාකච්චාවට ලක්වෙමින් පවති . යම්හෙයකින් මෙම නෞකාවට ශ්‍රී ලංකාවේ වරායකට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදයක් නොදක්වනු ඇතිබව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.