පාකිස්ථානය අවසන් මොහොතේ නෙදර්ලන්තය පරදවයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ අද පැවති 20 – 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතම තරගයෙන් කඩුළු තුනක තියුණු ජයක් අත්කරගැනීමට පාකිස්ථානය සමත් විය . නෙදර්ලන්ත පිලෙන් පාකිස්ථානයට අනපේක්ෂිත අභියෝගයක් එල්ල වූ අතර අවසානයේ ඔවුන්ට පන්දු තුනක් පමණක් ඉතිරිව තිබියදී කඩුළු 3 ක තියුණු ජයක් ලැබීමට හැකිවිය .

ප්‍රථමව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 19.5 කදී ලකුණු 147 කට සියළු දෙනා දැවී යනලදි . ස්කොට් එඩ්වර්ඩ් පන්දු 29 කට මුහුනදී ලකුණු 37 ලබාගන්නා ලදි . පන්දු යවීමේදී සල්මාන් මිර්සා ලකුණු 24 කට කඩුළු 3ක් බිඳ දමනා ලදි .

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානය ඕවර 19.3 කට මුහුණ දෙමින් කඩුළු 7 ක් දැවී ලකුණු 148 යි . සහිබ්සාදා ෆර්හාන් ලකුණු 47 . පන්දු යවීමේදී පෝල් වැන් මිකරෙන් ලකුණු 20 ට කඩුළු 2.