ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී.

ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු (71) වැනි වියේ පසු වූ ඔහු සයිමන් නවගත්තේගමගේ “ස්ත්‍රී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය.

වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වු නිහාල් ප්‍රනාන්දු “සුබ සහ යස”, “සුදු සහ කළු”, “ඒකාධිපති”, “පණ්ඩුකාභය”, “අංගාරා ගඟ ගළා බසී” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය .

ටෙලිනාට්‍ය තිර රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙක් වූ ඔහු “අඹරාවක්”, “උඩුගංබලා”, “නේරංජනා”, “අන්තඃස්වරය”, “වංශක්කාරයෝ”, “කුලැත්තියෝ” සහ “අක්වැස්ස” වැනි නාට්‍ය රැසක් නිර්මාණයට දායක විය