ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
60 -70 යුගයේ වැඩිම ඉල්ලුමක් සහ ජනප්‍රියත්වයක් හිමි ගායකයෙකු වන මොහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 87 ක් විය.
1936 වසරේ අප්‍රේල් මස 10 වැනිදා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ අතර, 1955 වසරේදී එවකට සංගීත ලොවේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් මහතා 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් සමගයි.
බටහිර තනු අලලා ගී රැසක් නිර්මාණය කර ගායනය කළ ඔහු, ඉතාම ජනප්‍රිය “හා මල් පිපෙන්නේ” ගීතයට හිමිකම් කියයි. එය නිර්මාණය වන්නේ 1958 වසරේදීයි.
“රුවන් තොරන් තනා, වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම” වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සිය හඬ දායකත්වය ලබා දුන්නේය.