ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ LIOC සතුව ප්‍රමාණවත් තොග ඇති බැවින් ඉන්ධන හිඟය පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබා නොදීම නිසා හිඟයක් ඇති වන බව එහි සඳහන් වේ.
අලෙවි නියෝජිතයන් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස ද අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා තිබේ.
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව 2023/06/01 08:30 ට පවතින ඉන්ධන තොග විස්තර පහත සඳහන් වේ. (සියලු සංඛ්‍යා මෙට්‍රික්ටොන් වලින්)
ඩීසල් – 122,769
උප. ඩීසල් – 5,739
92 පෙට්‍රල් – 56,797
95 පෙට්‍රල් – 2,318
භූමි තෙල් – 42,625