ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තා මත ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් ප්‍රභූ ආරක්ෂාව දී ඇති පුද්ගලයන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතත්, ඔවුන්ට දිය යුතු නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳ නැවත සමාලෝචනයක් කිරීමට නියමිත බව වාර්තා වේ .
ඊට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවිධ සේවා සඳහා යොදවා ඇති ස්ථාන පිළිබඳ විධිමත් වාර්තාවක්ද ආණ්ඩුව ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවය ගන්නා ස්ථාන වර්ගීකරණය කොට, ඒ ස්ථානවලට අනුයුක්ත කෙරෙන නිලධාරීන් සංඛ්‍යාව කොපමණද යන්න සම්බන්ධයෙන් ද තීරණ කිහිපයක් ගැනීමට නියමිතය.