ප්‍රකාශයක් ලබාදීමට හෙට පැමිණෙන බව දන්වා තිබියදී මනූෂ සොයා විමර්ෂණ කණ්ඩායමක් ගෙදරට යයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හිටපු අමාත්‍ය මනුෂ නානයකකර ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම්පත අද සලකා බලනු ලැබීය.

අයදුම්පත සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එය අද දිනයේදී ප්‍රතික්ෂේප කර කරනා ලදි . එම අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා තම සේවාදායකයා හෙට දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින බව දැනුම් දෙන ලදි.

අනතුරුව තම සේවාදායකයාට හෙට දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටීමට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතීඥවරයා අල්ලස් කොමිසම වෙත ලිපියක්ද බාර දී ඇත . එසේ තිබියදී හිටපු ඇමතිවරයා සොයා විමර්ශන කණ්ඩායමක් අද සවස ඔහුගේ නාරාහේන්පිට නිවසට ගොස් ඇත .

ඊශ්‍රායල් රැකියා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත පුද්ගලයින්ට රැකියා ලබාදුන් බවට හිටපු ඇමතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබූ අතර ඒ අනුව මෙම විමර්ශන කටයුතු සිදුකෙරේ.