පළාත් පාලන මැතිවරණය ගැන අලුත්ම ගැසට්එකක්

සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකෙරුණු බවත් මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බවට මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ බවත්ය.

ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *