අද (06) දිනයේ උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.