කෑගල්ල මොළගොඩ ප්රදේශයේ පස් කන්දක් කඩා වැටී එයට යට වීමෙන් වයස අවුරුදු 04ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබෙනවා.
එම දරුවා ජීවත් වූ නිවසේ පසෙක බැම්මක් බැදීමට ඉවුරක් කපා තිබිය දී එම ඉවුරෙන් කොටසක් මෙම දරුවා මතට කඩා වැටීම හේතුවෙන් ඔහු අවසානාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
දරුවාගේ මව සිය වැඩිමහල් පුතා සමග කුස්සියේ සිටින මොහොතේ මෙම බාල පුතුණුවන් ඉවුර කපා තිබුණු ස්ථානය අසළට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ දී ඉවුරෙන් කොටසක් දරුවා මතට කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
දරුවාගේ මවට යම් ශබ්දයක් ඇසී ඒ පිළිබඳ සෝදිසි කර බලන අවස්ථාවේ දී දරුවා එම පස් කන්දට යට වී ඇති බව හදුනාගෙන තිබෙනවා. අනතුරුව ගෑ ගසා අසල්වැසියන් කිහිපදෙනෙකු ගෙන්වාගෙන පස් ඉවත් කර දරුවා පිටතට ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහලට ඇතුළත් කර සුළු වෙලාවකට පසු එම දරුවා මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. පස් කන්දට යටවී හුස්ම හිරවීම නිසා මෙම මරණය සිදු වී ඇති බවයි පශ්චාත් පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ