පස් කන්දක් කඩා වැටී උඩරට මැණිකේ මග නතර වේ

මාධ්‍යම කඳුකර ප්‍රදේශයයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තව දුරටත් බලපෑම් සිදුකරමින් තිබේ. අද දහවල් වටවල හා ගලබඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතු වී තිබේ.

මෙම මාර්ග අවහිරතාවය නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 ට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණීකේ සීඝ්‍රගාමී දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානයේ පස්වරු 1.00 සිට නවතා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් සඳහන් කළේය

මාර්ගය යථාතත්වයට පත් කර දුම්රිය ගමනාගමන සවස 3.00 ට පමණ වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *