පලමු කුඹල් පෙරහැර රාජකාරිය ආරම්භ වූ වගයි

2023 මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයේ ආරම්භය සනිටුහන් කරමින් පලමු කුඹල් පෙරහැර අද දින වීදි සංචාරය කරන අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවීමේ භාග්‍ය උදා කර ගන්නේ,ශ්‍රී දළදා මාලිගා ඇත් පංතියේ නායක ඉන්දි රාජා මගුලැතුය.

දෑල හස්තීන් ලෙස ශ්‍රී දළදා මාලිගා ඇත් පංතියේ මියන් රාජා සහ කැලණිය රජ මහා විහාරයේ කන්ඩුල මගුලැතුන් සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය වර්ශ 2023 වූ අගෝස්තු මස 21 වැනි දින රාත්‍රි 7.10 යෙදෙන සුභ නැකතින් මගුලැතු සදගල මතට පා තබා නිරිත දිශාභිමුඛව පෙරහැර පිටත්ව,දළදා විදිය , ඩි.එස් සේනානායක විදිය , පන්සල පාරට පිවිස , දේව විදිය , ශ්‍රී මත් බෙනටිි සොයිසා විදිය , යටිනුවර විදියේ ගමන්කර , රජ විදිය ඔස්සේ එහලට විත් පලමු කුඹල් පෙරහැර ගෙවදිම නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *