පරිසර අමාත්‍යංශයෙන් අම්බුළුවාවට තහනමක්

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කරනා ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දීමක් සිදුකර ඇත .

ඊට අමතරව අම්බුළුවාව පාරිසරික කළාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත්කළ නිවේදන‍යේ දැක්වෙයි .

අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය සඳහා යා හැකි සොදුරු ස්ථානයකි. මෙය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරුදින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයකි.

අම්බුළුවාව අක්කර 927ක භූමියකින් යුත් ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියකි.