පකිස්ථානයේ මාරක දුම්රිය අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

දකුණු පකිස්ථානයේදී දුම්රියක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

සින්ද් පළාතේ නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසල සිදුවූ මෙම පීළි පැනීමෙන් හසාරා සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි කිහිපයක් ඉවතට පෙරලී ඇත.

පකිස්ථාන දුම්රිය ඇමති Khawaja Saad Rafique වාර්තාකරුවන්ට පැවසුවේ මෙය විශාල අනතුරක් බවයි. පීලි පැනීම සිදු වන විට අවම වශයෙන් මගීන් 1,000 ක් පමණ එහි සිට ඇති බව ඔහු පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි අබිඩ් බලොච් පැවසුවේ මළ සිරුරු 30ක් සොයාගෙන ඇති අතර තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවයි. ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඔහු පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *