නොරොච්චෝලේ විදුලි ජනනය පහත වැටී ඇතිබව මහ බැංකු වාර්ථාවකින් සනාත වෙයි

නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව පහත වැටී ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ.

ඒ අනුව ඉකුත් මාර්තු 03 වැනිදා ගල්අඟුරු දහනයෙන් ගිගාවොට් 34.2ක විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කර ඇති අතර, එම අගය ඊයේ දිනයේදී එනම්, මාර්තු 17 වැනිදා ගිගාවොට් 26.2ක් දක්වා පහළ ගොස් තිබේ.

ගල් අඟුරු දහනය කර විදුලිය ජනනය කිරීම පහත වැටුනද මාර්තු 03 වැනිදා ඩීසල් බලාගාර මගින් ගිගාවොට් 18.7ක විදුලි ධාරිතාවක් උත්පාදනය කර ඇති අතර, එම අගය මාර්තු මස 17 වැනිදා ගිගාවොට් 26ක් දක්වා ඉහළ ගොස් ඇතිබව මහබැංකු වාර්තාව පෙන්වාදෙයි .

විදුලිය ජනනය සඳහා වැඩි ඩීසල් ප්‍රමාණයක් යොදාගැනීම නිසා විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යනු ඇති බවත් එයා අවසානයේ විදුලි පාරිභෝගිකයා මත පැටවීමට ඉඩ ඇතිබවත් ප්‍රාමාණිකයෝ කලක සිට පෙන්වා දෙති .

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන හැකියාව පහත බැස ඇති බවට පාර්ශව ගණනාවකින් රජයට චෝදනා එල්ලවෙමින් පවති .