නොරොච්චෝලේ දැවැන්ත බිඳ වැටීමක්. ඒහෙත් අඛණ්ඩව විදුලිය

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් එක්කළ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද අලුයම අක්‍රීය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන ඒකක ත්‍රිත්වයෙන් තවත් ඒකකයක් නඩත්තු කටයුත්තක් සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කරන ලදි .

ඒ අනුව මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට එක් කරනුයේ මෙගාවොට් 300ක් ක් පමණි. කෙසේ වෙතත් දිවයින පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි බල මණ්ඩලය විසින් සහතික කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *