නොබැඳි පිළිවෙත අතහැර ජනාධිපති ඇමරිකන් හිතවාදියෙක් වෙලා.

මැදපෙරදිග වර්තමානයේ ඇවිළෙමින් පවතින යුද ගැටුම, ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් සහ ඊශ්‍රායල සියොන්වාදීන් එක්ව ඛනිජ තෙල් සම්පත් කොල්ලකෑම සහ තම මූල්‍ය අධිපත්‍යය රැකගැනීම උදෙසා පවත්වාගෙන යන ත්‍රස්ත ක්‍රියාවක් බව ජන අරගල සන්ධානය පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සඳහන් කරන්නේ, කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව ඉරානය වෙත එල්ල කරන ලද මෙම ප්‍රහාර මාලාව දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකාව මැදපෙරදිග දේශපාලන අස්ථාවරත්වය ඇති කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළේ කූටප්‍රාප්තියක් බවයි.

මීට පෙර සදාම් හුසේන් සහ මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීම හරහා ඉරාකය සහ ලිබියාව අරාජික කළ ආකාරයෙන්ම, වර්තමානයේ ඉරානය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව කටයුතු කරන බව එම නිවේදනය මගින් පෙන්වාදෙයි .

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීම සහ කියුබාවට එරෙහිව පනවා ඇති තෙල් සම්බාධක ද මෙම දේශපාලන උපායමාර්ගයේම කොටස් බවත්, මෙහි අවසන් ඉලක්කය චීනය සමඟ පැවති ආර්ථික යුද්ධයට සූදානම් වීම බවත් ජන අරගල සන්ධානය චෝදනා ක‍රනවා.

ඉරානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ප්‍රාථමික පාසලක දැරියන් ඇතුළු සිවිල් වැසියන් 165 දෙනෙකු ඝාතනය වීම ජන අරගල සන්ධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ඊශ්‍රායලය, ඇමෙරිකාවේ ම්ලේච්ඡ හවුල්කරු බවට පත්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි . එමෙන්ම වත්මන් ජාතික ජන බලවේග රජයේ විදේශ පිළිවෙතජන අරගල සන්ධානය විසින් ප්‍රතිෂ්ඓඑප කර ඇත . ශ්‍රී ලංකාව මෙතෙක් රැකගත් නොබැඳි පිළිවෙත ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පවසන එම සන්ධානය පවසයි .

ගාසාවේ ජන සංහාරය හෝ ඉරානයට බෝම්බ හෙළීම සම්බන්ධයෙන් නිහඬව සිටි ජනාධිපතිවරයා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරය පමණක් හෙළා දැකීම හරහා ඔහු ඇමෙරිකානු පාර්ශවයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇති බව එම සන්ධානය චෝදනා කළා.