මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුහු බේරාගනු ලැබූහ.
කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු රැජින හෝටලයේ කොරිඩෝවට පැමිණි අවස්ථාවෙ බැඳ දැමිමට ඇත්ගොවෝ කටයුතු කළහ.
කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කළ අතර කිසිවකුටත් තුවාල සිදුවු බවට වාර්ත නැත.