නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස විශාල පස් කන්දක් රොහලේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නේවාසිකාගාරවලට කඩා වැටීම පිළිබඳව ජනාධිපති අනුර දිසනායකගේ ක්ෂණික අවධානය යොමුවිම නිසාඑම ගැටළුව පහසුවෙන් විසඳාගත හැකිවූ බව වාර්තා වේ.
නායගිය පස්කන්ද නිසා හෙද වෛද්‍ය නේවාසිකාගාර තුළට වැසි ජලය කාන්දු වීමෙන් එම නේවාසිකාගාර වල නතරව සිටීම අසීරු වී අති බවත්, එම නිසා හෙදියන් සහ වෛද්‍යවරුන් 230 කට ආසන්න පිරිසක් රෝහලේ රෝගීන් නොමැති වාට්ටුවල නතරවී සිටිනා බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය නිහාල් විරසූරිය ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඔහු මේ කරුණු දැක්වීම සිදුකළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමිනි .
නුවරඑළිය රෝහලේ රෝහලේ කාර්යමණ්ඩලය 1390ක් බවත්, මහල් 4කින් යුත් වෛද්‍යවරුන්ගේ සහ මහල් 4කින් යුත් හෙදියන්ගේ නේවාසිකාගාරවලට නායයාමෙන් දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බව වෛද්‍ය නිහාල් ජයසූරිය එහිදී වැඩි දුරටත් පැවසීය
තාවකාලිකව වෛද්‍ය නේවාසිකාගාර පවත්වාගෙන යාම සඳහා වෙනත් ගොඩනැගිල්ලක් කුළී පදනම මත ලබා ගැනීමට හැකි නම් ඒ සදහා ප්‍රතිපාදන ලබා දිය හැකි බව ජනාධිපති අනුර දිසනායක එහිදි පැවසීය . ඒ අනුව නුවරඑලිය රෝහල ආසන්නයේ තිබෙන රජයේ සංචාරක නිවාඩු නිකේතන කිහිපයක් රෝහල වෙත තාවකාලිකව ලබා දෙන්නැයි වෛද්‍ය නිහාල් විරසූරිය ඉල්ලා සිටියේය . ඉට එකඟතාවය පලකළ ජනාධිපතිවරයා එම ඉල්ලීම ලිඛිතව දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ඉදිරිපත් කරන ලෙසත්, යම් ගැටළුවක් වෙතොත් තමා දුර කථනයෙන් අමතන ලෙසත් උපදෙස් දුන්නේය .