නුවරඑළිය ප්‍රදේශයෙන් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට පැවසුණු ස්ථානය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු තවමත් තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් පැවසීය . රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .
නුවරඑළිය ස්ථානය පිළිබඳව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය. නිසි තොරතුරු සොයා ගන්නා තෙක් ඒ පිළිබඳව කරුණු අනාවරණය කිරීමට තමන් බැඳී නොමැති බවද ඔහු අවධාරණය කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරියේදී ලබාදීමට හැකියාව ඇති බවද වුට්ලර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.